top of page
IMG-20211015-WA0016-1.png

ජීවන් ත්‍යාගරාජා 
උතුරු පළාත් ආණ්ඩුකාර 

ආණ්ඩුකාරතුමාගේ පණිවිඩය 

 සෑම දිනකම, අවදි වන සෑම මොහොතකම, මෙහි වෙසෙන පුරවැසියන් සහ විදේශයන්හි අපගේ සම්භවය ඇති අය, උතුරු  පළාතේ වෙසෙන සමස්ත ජනතාවගේ සුබසාධනය, සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා රජය ක්‍රියා කරන බව තහවුරු කිරීමට අපේක්ෂා කරයි. 

2022 උදාවෙද්දී අප පැවසුවේ, “අපේ පළාත වන උතුරු පළාත, ඕනෑම කෙනෙකුට තම සිහින  හඹා ගොස් සැබෑ කර ගත හැකි ස්ථානයක් විය යුතු බවට අප විශ්වාස කරන බවයි. එය කිසිවකු අත්නොහරින ස්ථානයක් විය යුතු අතර, වඩාත්ම වැදගත් වන්නේ එය විවිධත්වය සමරන සහ සමානාත්මතාවයට ගරු කරන ස්ථානයක් වීමයි. මාගේ විශ්වාසය නම්, සියල්ල ඇතුළත් සංවර්ධන ගමනක් ආරම්භ කිරීමෙන් අපට අතීතයේ අභියෝග සදහටම අත්හැරිය හැකි බවත් කිසිම හේතුවක් නිසා නැවත කිසිදා ගැටුම් ඇති නොවන බවත්ය. 

 අපට 80% ග්‍රාමීය සහ 20% නාගරික ජනවිකාස පැවැත්මක් ඇත. අපගේ විරැකියා අනුපාතය 5% වන අතර එය ජාතික සාමාන්‍ය වන 4.8% ට වඩා වැඩි ය. දරිද්‍රතාවයේ දර්ශකය ජාතික මට්ටමත් සමග සැලකුවිට, උතුරු පළාතේ දිස්ත්‍රික්ක   තුනක් (3) ම ජාතික වශයෙන් පළමු පහ (5) ට අයත් වේ. ඉහත සංඛ්‍යාලේඛන දෙක අපට සතුටු වීමට හේතුවක් ලබා නොදේ. අතිවිශාල කුසලතා, සම්පත් සහ යහපත් අධිෂ්ඨානයකින් සපිරුණු මිලියන 1.26 ක ජනතාවකගේ  මෙන්ම  විදේශයන්හි සම්භවයක් ඇති ඥාතීන් සහ පුද්ගලයන්ගේ සහයෝගය  ලැබීමටද අපි භාග්‍යවන්ත වෙමු. 

වත්මන් ආණ්ඩුකාරවරයා ලෙස මාගේ දැක්ම වනුයේ, "විවිධත්වය සැමරීම, සමානාත්මතාවය ජය ගැනීම සහ සියල්ල ඇතුළත් සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම" යන්නයි. මෙහෙයුම වනුයේ, "ජනතාව සතුටින් සිටින සහ රජය වගකීම් සහගත වන  ආරක්ෂිත, සමෘද්ධිමත්, උද්යෝගිමත් පළාතක්ය." ආණ්ඩුකාරවරයා යනු ව්‍යවස්ථාපිත ක්‍රියාකාරිකයෙකි. මේ  අනුව මම පහත සඳහන් අරමුණු මටම සකසා ගත්තෙමි - ජනාධිපතිතුමාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, පාලනය සඳහා මධ්‍යම රජය සහ පළාත අතර ප්‍රශස්ත අන්තර් සම්බන්ධතාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති උපරිම ප්‍රතිලාභ පළාතට ලබා දීම සහ තිරසාර සංවර්ධනය සඳහා පාලනයේ රන් ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම. 

උතුරු පළාත සෙසු පළාත් 9 අතර ප්‍රාදේශීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික සංවර්ධනයෙන් සහ කාර්ය සාධනයෙන් ප්‍රමුඛයා බවට පත් කිරීමට මා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. කලාපීය ආර්ථික බලවේගයක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලට අනුගමනය කළ හැකි අයුරින් ආදර්ශයක් තබමින් උතුරු පළාතේ සියලුම පුරවැසියන්ගේ වාසනාව උදා කරවීමට අපි සැලසුම් කරමු. ඒ සඳහා වන සැලැස්ම ගෝලීය වශයෙන් පිළිගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන රාමුවට අනුගත වේ. 

මෙම දර්ශනය, දත්ත සහ ඩිජිටල් තාක්ෂණය මත පදනම් වේ. මෙම Jump කණ්ඩායම ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන අතර,  නවීනතම ඩිජිටල් තාක්‍ෂණයන් භාවිතයෙන් තත්‍ය කාලීන පදනමින් පළාතේ ක්‍රියාකාරීත්වය සැකසීමට, සන්නිවේදනය කිරීමට, ක්‍රියාත්මක කිරීමට, ප්‍රධාන කාර්ය සාධන දර්ශක සැකසීමට සහ මැනීමට සහයෝගය දක්වනු ඇත. 

මෙම Jump කණ්ඩායමට ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ සම්බන්ධීකරණ හැකියාව සහිත ස්වාධීන මණ්ඩලයක් ඇත. 

Governors Message
SDGs
image_88242a760b_edited.jpg

සංහිඳියාව

ප්‍රතිසන්ධානය සඳහා අව්‍යාජ සහ අඛණ්ඩ සංවාදයක් අවශ්‍ය වන අතර, අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථා සක්‍රීයව ගවේෂණය කිරීම සහ 'එකමුතු පොකුරු' සංකල්පය සුවිශේෂී රාමුවකි. එය ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR), වන්දි ගෙවීමේ කාර්යාලය සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය එකට එකතු කරනුයේ ප්‍රජාව අතර සමඟිය ඇති කරමිනි. මෙම ක්‍රියාවලියේ අරමුණ වන්නේ සියලු ජන කොටස්වල ජනතාවට සාමයෙන් හා අභිමානයෙන් එකට ජීවත් විය හැකි බහුත්වවාදී සමාජයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුකාර කාර්යාලය මේ සඳහා පහසුකම් සැලසීමට සහ ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් වනු ඇත. 

SDGs

තිරසාර සංවර්ධන ඉලක්ක

energy.png

පිරිවැය-ඵලදායී සහ පුනර්ජනනීය බලශක්තිය 

පිරිවැය-ඵලදායී, විශ්වාසනීය, තිරසාර සහ නවීන බලශක්තිය සඳහා ප්‍රවේශය සැමට සහතික කිරීම 

education.png

ගුණාත්මක අධ්‍යාපනය සහ යෞවනය 

විස්තීරණ සහ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනය සහතික කිරීම සහ සැමට යහපත් දිවිපැවැත්මක් සඳහා ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම. තරුණ තරුණියන්ට තීරණ ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට සහ තිරසාර සංවර්ධනය සඳහා දායක වී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ද අත්‍යවශ්‍ය වේ. 

env2.png

පාරිසරික තිරසාරත්වය 

භෞමික පරිසර පද්ධතිවල තිරසාර භාවිතය ආරක්ෂා කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, තිරසාර ලෙස වනාන්තර කළමනාකරණය කිරීම, කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීම, ඉඩම් හායනය හා ජෛව විවිධත්ව හානිය වැළැක්වීම මෙන්ම තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුදු සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණය තිරසාර ලෙස භාවිතා කිරීම 

wmyouth.png

කාන්තා සවිබල ගැන්වීම 

ස්ත්‍රී පුරුෂ අසමානතාවය අවසන් කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් පමණක් ම නොවේ, එය තිරසාර අනාගතයක් සඳහා ඉතා තීරණාත්මක සාධකයකිි. කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීම ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට උපකාරී වන බව පෙන්වා ඇත.  

health.png

යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම 

සෑම වයස් කාණ්ඩයකම   සියලුම පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම 

infra2.png

කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම් 

දිගුකල් පවතින යටිතල පහසුකම් ගොඩනැගීම, විස්තීර්ණ සහ තිරසාර කාර්මීකරණය ප්‍රවර්ධනය කිරීම සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම 

law2.png

නීතිය හා සාමය

සාමකාමී, යුක්තිසහගත සහ සියල්ලන් ඇතුළත් සමාජයන් ප්‍රවර්ධනය කිරීමේදී සහ තිරසාර සංවර්ධනය සහතික කිරීමේදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය ඉටු කරන ප්‍රධාන කාර්යභාරය ප්‍රකාශ කිරීම. 

Resources
npfeedback.png

ප්‍රතිපල 

හරිත ආවරණය 

හරිත ආර්ථිකයක් සඳහා සමතුලිත තිරසාරත්වය 

ද්විත්ව ඉලක්කම් වර්ධනය 

ආර්ථිකය නංවාලීමෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය  සහ දිළිඳුකම පිටුදැකීම 

ගෝලීය නවෝත්පාදනය 

නවෝත්පාදන කිරීමට සහ ගෝලීය වෙළඳපොළට නවෝත්පාදන ඵලදායී ලෙස ඉදිරිපත් කිරීමට ඇති හැකියාව 

ඩිජිටල් ජීවන රටාවක් 

ඕනෑම මොහොතක ඔබගේ සියලුම සේවාවන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පහසුවෙන් ලබාගැනීම   

රැකියා අවස්ථා 

ආර්ථීක පරිවර්තනය මගින් වැඩි වැඩියෙන් රැකියා උත්පාදනය  

පුරවැසි සම්පත්

පළාතේ
ජීවනාලිය 

තත්‍ය කාලීන ලුහුබැඳීම, අධීක්‍ෂණය සහ පුරෝකථනය කිරීම 

mindofgov.png

අපි ගැන දැනගන්න  

enterprise.png

පුරවැසි
සේවාවන් 

ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ඔබේ කැපවීමේ හැඟීම​

citizens2.png
bottom of page